Lyrics of Nube Unusum Haduwen
නුඹේ උණුසුම් හාදුවෙන්
මගේ හිත පිරිමදින්න
ආදරේ තව සියුම් තැන් ඇති
ලංවෙලා මට කියන්න
යන්තමට හරි නුඹට හිතුනොත්
මගේ හිත මගහරින්න
මතක පැන්… ටිකක් අරගෙන
නුඹේ හිතටම ඉහන්න
හිතෙන් අපි ආ දුර බොහෝමයි
දරාගෙන අපි අපිවම
හිතේ ගැඹුරුම තැනක ලිව්වා
මගේ ප්‍රේමය නුඹටම
කඩන් වැටෙනා පුංචි තරුවක්
දෙස බලන් මම හිතන්‍නම්
සසර ගනුදෙනු ඉවර වෙනකම්
නුඹව විතරක් පතන්‍නම්
හිතේ කකියන හුඟක් දේවල්
ඇස් පියන් මට කියන්න
නුඹයි හිටියේ මගේ තනියට
මගේ කියලා දැනෙන්න
නුඹයි ආවේ මා සොයාගෙන
ආදරේ කවි ලියන්න
මගේ හිත ළඟ නතර උනෙ ඇයි
කවදහරි මට කියන්න
Siyumini Opayangi – Nube Unusum Haduwen haduven
Comment