Lyrics of Pa Thabana Bima
පා තබනා බිම වැලි කැටයක් වෙමි
දෙපා සිඹින්නට අවසර නැතිදා
මඳ පවනක් ලෙස ගත දැවටෙන්නෙමි
තුරුළුව ඉන්නට අවසර නැතිදා
ඉරබටු තරුවයි හැන්දෑ අහසේ
හඳ පායන තුරු තනිය මකනවා
පහන් තරුව සේ උදෑසනින් විත්
හිරුට හොරා දුක සැප විමසනවා
පිය දසුනක් වෙමි දෙනෙතෙ රැඳෙන්නට
හසරැල්ලක් වෙමි දෙතොළග ඉන්නට
සිතුවිල්ලක් වෙමි සිත සනසන්නට
සෙනෙහස ඉල්ලමි ජීවත් වන්නට
පා තබනා බිම වැලි කැටයක් වෙමි
දෙපා සිඹින්නට අවසර නැතිදා
මඳ පවනක් ලෙස ගත දැවටෙන්නෙමි
තුරුළුව ඉන්නට අවසර නැතිදා
Pa Thabana Bima – Visharada Malani Bulathsinghala bulathsinhala
Comment