පෙනෙන නොපෙනෙන

Lyrics

පෙනෙන නොපෙනෙන දුරක ඉදන් නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
දකින හිමිවෙන හීනේ නුඹ කොතැන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුනා
හඩන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා
නුහුරු නුපුරුදු හීන අරන් ලගට ඇවිදින් තුරුලුවෙමින්
ආවට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් සිත හුගක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුනා
පෙනෙන නොපෙනෙන….//
ආයෙමත් ආදරෙන් //

Penena Nopenena Duraka Idan Lyrics – Athma Liyanage

More from NmL

Featured on

Similar

Comment

Your email address will not be published. Required fields are marked *