&

අහසයි ඔබ මට

Lyrics

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී
පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි//

ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ
අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ
ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා
ලොව කැළඹුන දා කඳු බිම් හැකිලෙනවා

අහසයි ඔබ මට…..

අනාත සයුරට වැහි දිය දෝත ඔබයි
අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී
ඔබ වට කහවනු පවුරට මහ දුරකි

අහසයි ඔබ මට…..//

Ahasai oba mata – Deepika Priyadarshani / Sunil Edirisinghe

More from Admin

Featured on

Enable Notifications OK No thanks