Lyrics of Pini Wetena Mal Yaye
පිනි වැටෙනා මල් යායේ 
පාවී යයි සුනිල් වලා
බොඳ මීදුම් කඳු අතරේ 
ඔබව සොයා මා එන්නේ
නිල්වන් දෑසින් මා මත් කරනා 
සුන්දර අරුණැල්ලේ
රන්වන් සමනල තටු සලමින් යන 
ඔබ වෙත මා එන්නේ
පිනි වැටෙනා මල් යායේ 
පාවී යයි සුනිල් වලා
එකම ඉසව්වක රැඳී සිටින සඳ
හමුවන්නට නොහැකිව ළතැවේ
සිත රැඳි පැතුමන් පොදි බැඳ ගෙන ඇත
ඔබට කියන්නට පිය ළඳුනේ
නිල්වන් දෑසින් මා මත් කරනා සුන්දර අරුණැල්ලේ
රන්වන් සමනල තටු සලමින් යන ඔබ වෙත මා එන්නේ
(Rap)
පිනි වැටෙනා මල් යායේ පාවී යයි සුනිල් වලා
බොඳ මීදුම් කඳු අතරේ ඔබව සොයා මා එන්නේ
අපේ ලොවක තනි වෙන්නට පැතුමන්
කොතරම් පිරුවත් වරම් නැතේ
බාධක හමුවේ නොසැලී  ඉමු අපි
භවය පුරා පෙම්වතුන් ලෙසේ
නිල්වන් දෑසින් මා මත් කරනා සුන්දර අරුණැල්ලේ
රන්වන් සමනල තටු සලමින් යන ඔබ වෙත මා එන්නේ
පිනි වැටෙනා මල් යායේ පාවී යයි සුනිල් වලා
බොඳ  මීදුම් කඳු අතරේ ඔබව සොයා  මා එන්නේ
Pini Watena vetena vatena Mal Yaye – Prince Udaya Priyantha


		
		
		
		
		
		
		
		
		
		
		
		
Comment