Pipunu Male Ruwa

පිපුණු මලේ රුව

Lyrics of Pipunu Male Ruwa

පිපුණු මලේ රුව එමල දනීදෝ
පිපුණු මලේ රුව එමල දනීදෝ
මලකි දුවේ නුඹ හැඩරුව බලන්නෙපා
හැඩරුව බලන්නෙපා

නැතිබැරි කම මුතු මාල හතක්‌ වී
නැතිබැරි කම මුතු මාල හතක්‌ වී
කඩුල්ල පැන එයි නුඹ අත කර ලනදා
නුඹ අත කර ලනදා

කටු මැටි බිත්තිය හැඩකර අඳිනා
රෑ හෙවණැල්ලෙන්‌ හිස පීරන්නේ
නොතලන්‌ සිත මා ආදර දියණියනේ
ආදර දියණියනේ

පාළු කනට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැමිමේ

ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
නොතලන්‌ සිත මා ආදර දියණියනේ
ආදර දියණියනේ

පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි
විදුරු කැඩපත බිම දැමිමේ

පිපුණු මලේ රුව එමල දනීදෝ
පිපුණු මලේ රුව එමල දනීදෝ
මලකි දුවේ නුඹ හැඩරුව බලන්නෙපා
හැඩරුව බලන්නෙපා

නැතිබැරි කම මුතු මාල හතක්‌ වී
නැතිබැරි කම මුතු මාල හතක්‌ වී
කඩුල්ල පැන එයි නුඹ අත කර ලනදා
නුඹ අත කර ලනදා

Pipunu Male Ruva – Nanda Malani

More from aveterone