Ron Suwanda Dena
&

රොන් සුවඳ ගෙන

Lyrics

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් නෙත මත් බිඟුම් වාගේ
ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරම් නම් සොදුරුද මිහිරී
රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ

මල් වයසේ නිදි නැති ඇස් පියන් යට
ආල හැඟුම් පිබිදෙයි උස් පැතුමකට
මල් වයසේ නිදි නැති ඇස් පියන් යට
ආල හැඟුම් පිබිදෙයි උස් පැතුමකට
හිරිමල් සිතිවිලි කලතා
රත්තරනේ ඔබ සිත තුල රහසේ
රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ

මල් වරුසා වැගිරෙන මේ සිසිල යට
හීන ලොවේ දොරගුල් දැන් ඇරෙනවද
මල් වරුසා වැගිරෙන මේ සිසිල යට
හීන ලොවේ දොරගුල් දැන් ඇරෙනවද
නිකැලැලි පතුමක සැඟවී
රත්තරනේ ඔබ හිටි හැටි මනසේ
රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් නෙත මත් බිඟුම් වාගේ
ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරන්නම් සොදුරුද මිහිරී
රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ

Ron Suwanda suwada suvada Gena – Shihan Mihiranga and Uresha Ravihari shehan

More from aveterone

Enable Notifications OK No thanks