Lyrics
රෝස මලේ නටුවෙ කටු
වන බඹරෝ ඔහොම හිටු
නටුව නොවෙයි මම මල සිඹිමි
මම ළමයෝ පැණි උරමි //
කළු දෙබරුන් නැත පැණි බොන්නේ
වන බඹරුයි එහි රස දන්නේ
මල නොතලා එහි පැණි උරලා
මල දමලා උන් යති පැනලා
රෝස මලේ නටුවෙ කටු …
මලේ පැණි නැති පවතින්නේ
පැණි හිඳිලා මල පර වෙන්නේ
කළු දෙබරෝ නැතුවද දන්නේ
වන බඹරෝ නැත එහි යන්නේ
රෝස මලේ නටුවෙ කටු …//
Rosa male natuwe katu- Annesley Malewana
Comment