Sanda Hinahena Rathriyaka

සඳ හිනැහෙන රාත්‍රියක

Lyrics of Sanda Hinahena Rathriyaka

සඳ හිනැහෙන රාත්‍රියක හෙමින් හෙමින් ඇවිද යන්න
සිතුවම් කල පාට පාට සිහන ලොවක තුරුළු වෙන්න
මුදු දෙතොලට දෙතොල තියා හැදු වැලක් තෑගි දෙන්න
මගේ දෑතට ඔබව අරන් අනන්තයට දුවන් යන්න

ඔබේ ලගට තුරුලුවෙලා මියුරු වදන් තව අහන්න
සදවන් වූ මුහුන බලා කෝල කතා රස විදින්න
මුදු දෙතොලට දෙතොල තියා හැදු වැලක් තෑගි දෙන්න
මගේ දෑතට ඔබව අරන් අනන්තයට දුවන් යන්න

නිල් වරල මුහුන පුරා ඉහිරවලා බලා ඉන්න
ඔබෙ ඇස් වල පාට අරන් මුළු අහසෙම කවි ලියන්න
මුදු දෙතොලට දෙතොල තියා හැදු වැලක් තෑගි දෙන්න
මගේ දෑතට ඔබව අරන් අනන්තයට දුවන් යන්න

දිය පොදෙක සිහිල අරන් ඔබෙ දෙකොපුල පිරිමදින්න
කුරුළු පිහාටුවක නැගී ඔබත් එක්ක පියාඹන්න
මුදු දෙතොලට දෙතොල තියා හැදු වැලක් තෑගි දෙන්න
මගේ දෑතට ඔබව අරන් අනන්නයට දුවන් යන්න

Sada සද Hinahena Rathriyaka -Karunarathna Divulgane

More from aveterone