Lyrics
සඳ නැතුවට ඉර නැතුවට
මට අඳුරක් නෑ
මට අඳුරක් නෑ
පායන්නට එපා සඳේ
පායන්නට එපා ඉරේ
සඳ නැතුවට ඉර නැතුවට
මට අඳුරක් නෑ
මට අඳුරක් නෑ
ගහේ වැලේ ඇලේ දොලේ
පීදෙන්නට එපා මලේ
ගහේ වැලේ ඇලේ දොලේ
පීදෙන්නට එපා මලේ
මල් නැතුවට මට සුවඳින්
බිඳුවක් අඩු නෑ
බිඳුවක් අඩු නෑ
පායන්නට එපා සඳේ
පායන්නට එපා ඉරේ
සඳ නැතුවට ඉර නැතුවට
මට අඳුරක් නෑ
මට අඳුරක් නෑ
නෙත් කැල්මක එළිය දිගේ
හසරැල්ලක සුවඳ තිබේ
නෙත් කැල්මක එළිය දිගේ
හසරැල්ලක සුවඳ තියේ
ඔබ මා ළඟ සිටිනා තුරු
මට තනියක් නෑ
මට තනියක් නෑ
පායන්නට එපා සඳේ
පායන්නට එපා ඉරේ
සඳ නැතුවට ඉර නැතුවට
මට අඳුරක් නෑ
මට අඳුරක් නෑ
Sanda Nathuwata sada සද නැතු වට nathuvata ira nathuwata – Chandrika Siriwardena


Comment