Sandata Sehesikam

සඳට සැහැසිකම් කළ අය

Lyrics

සඳට සැහැසිකම් කළ අය
සඳ එළියෙන් සැණසුනාම
සඳ සාවිට දුක හිතෙන්නෙ නෑ
නුඹට ආදරෙන් සිටි අය
නුඹ හා දොඩමළු වෙනකොට
මට නම් එය දරාගන්න බෑ

සුවඳ මතක් වී පෙරදා
යළිඳු නුඹ වටා සරනා
බිඟුන් නිසා මගෙ හිත නිදි නෑ
තුඩින් තුඩට රොන් ඉඩ හැර
දිනෙන් දින පිපී පරවෙන
මලක් නිසා මට නිවනක් නෑ

සඳට සැහැසිකම් කළ අය …

සුවඳක් තනිවම විදින්න
බඹරෙකු උහුලන ගින්දර
මලකට කිසිදා පෙනෙන්නෙ නෑ
නුඹගෙන් උණුසුම විඳිනා
මගෙ හිත ලඟ දඟ කෙරුවත්
නුඹට උණුසුමක් දැනෙන්නෙ නෑ

සඳට සැහැසිකම් කළ අය …

Sandata sadata Sahasikam Kala Aya – Chandrasena Hettiarachchi

More from aveterone

Featured on

Enable Notifications OK No thanks