Sina Pipena
&

සිනා පිපෙනා මේ

Lyrics

සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ සිනා සී
ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සී ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ

නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හස‍රැල්

සිනා පිපෙනා

නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙන
තැනක සගවමි හද සෙනේ සුසුමින්

සිනා පිපෙනා … //

Sina Pipena Me – Lakshman Wijesekera & Samitha Mudunkotuwa

More from aveterone

Enable Notifications OK No thanks