Sinhala Sindu Kiyana

සිංහල සින්දු කියන

Lyrics of Sinhala Sindu Kiyana

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන
කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන
කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී
ගිනි මලින් තැනුව මල් පොකුරක් අතට ගත්ත මනාලී
මදු සමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන
කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

ගිනි අවිත් එක්ක පෙමින් බැඳුනු විහඟ සෙනඟ හඬාවී
ඒ කඳුළු සිංහලට නඟන්න නුඹට හැකිය පියාවී
ආදරය නුඹට බාරයි රැකගනින් දේවතාවී

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන
කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන
කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

Sinhala Sindu sidu සිංදු Kiyana – Visharada Gunadasa Kapuge

More from Admin

1 Comment

  1. Copied from Internet

    83 කළු ජුලිය කාලේ දවසක රැ 12 ට විතර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගෙදර දුරකථනය නාඳ වෙනව. අනිත් පැත්තෙන් කතා කරන්නේ ගුණදාස කපුගේ මහතා..කපුගේ මහතා කියනවා එක්තරා සඟරාවක නමක් සදහන් කරමින් රත්න කොහොම හරි මේ මාසේ ඒ සඟරාව අරන් කියවන්න කියල..රෑ 12 ට විතර කතා කරලා මේ වගේ දෙයක් කිව්වම එතුමාට පොඩි තිගැස්මක් ඇති වෙන්නත් ඇති..ඒ සගරාවේ තබුන සුන්දර කෙටිකතාවක් …

    මාතර පැත්තේ සිංහල ගැහැණු ළමයෙක් තමන්ගේ පළමු රැකියා පත් වීම විදියට උප පොලිස් පරීක්ෂක වරියක් විදියට බම්බලපිටිය පොලිසියේ වැඩ බාරගන්නවා. එතනම යාපනෙනේ ඉඳල ආපු දමිල තරුණයෙකුත් රාජකාරි කරනවා. මුලදී දෙදෙනා අතර ඇතිවෙන හිතවත්කම පස්සේ දළුලා වැඩුණු ආදරයක් බවට පත්වෙනවා,,තරුණයා දමිල වීම හේතුකොටගෙන සාම්ප්‍රදායික ඇතිවෙන විරෝදතාවයන් ගැහැණු ලමයාගේ පැත්තෙන් එල්ල වෙනවත් සමගම.

    අවසාන ප්‍රථිපලය ලෙස දෙදෙනා හොර රහසේම විවාහ වී තරුණයාගේ ගම රට වන තල් රුප්පාවට පලා යනවා.

    මේ සුන්දර ආදර කතාව කියවපු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හිතේ හරි සොදුරු ගී සංකල්පනාවක් උපදිනවා මේ විදියට…

Enable Notifications OK No thanks