කාලය

Lyrics

කාලය පැනගියත් යල් පැන නො යයි සිතූ
සිතුවිල්ලක්ම විය හද පත්ලෙහි ම විසූ
කදුලකට මුසු වුනත් සේදී නොයයි සිතූ
හසරැල්ලක් විය දෙනයක මත පිපුනූ

මළ සෙනෙහසට හුස්ම පිඹුමින් සිටිමි නොමල ගෙයකින් අඹ මිටක් පතමි //

මැරුණු අතු මත හිනැහෙන තවම නොමැරුනු මල් වල කතාවක් ඇත කියා ගන්නට බැරුව මුව මත ගොළු වුන //

කාලය පැනගියත් …..

නිසල ඇස් මත දගලන සසල වුන ඇසිපිල්ලක කතාවක් ඇත කියාගන්නට බැරුව කදුලක ගල් වුන //

කාලය පැනගියත් …..

මළ සෙනෙහසට හුස්ම පිඹුමින් සිටිමි නොමල ගෙයකින් අඹ මිටක් පතමි //

Kaalaya Kalaya – Dumal Warnakulasuriya warnakulasooriya

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks