Lyrics
යළි උදාවූ වසන්තේ ලෙසින්
එන්න ළංවී සදා ආදරෙන්
කඳුළු බිඳුවක් වගේ නෙත් අගින්
ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන්
එන්න ළංවී සදා ආදරෙන්
විරහිනියක සේ සිත ඉල්ලූ දා
ඔබ හට මතක නැතී
සැමටම පිටුපා සිත දන් දුන් මා
ඔබගේ හිතට මදී
ජිවත්වනවා නම් මා වෙණුවෙන්
එන්න ලංවී සදා ආදරෙන්
යළි උදාවූ වසන්තේ ලෙසින්
එන්න ළංවී සදා ආදරෙන්
නන්නාදුනනා කිසිවෙකු වෙනුවෙන්
ඔබ සිත හඬනු නැතී
ඔබ හද සොහොනේ මිහිදන් කල මා
දැන් නම් අගය නැතී
ජීවත්වෙනවා නම් මා වෙනුවෙන්
එන්න ළංවී සදා ආදරෙන්
යලි උදාවූ වසන්තේ ලෙසින්
කඳුළු බිඳුවක් වගේ නෙත් අගින්
ඇයිද සමුගන්නෙ මේ ජීවිතෙන්
එන්න ළංවී සදා ආ දරෙන්
Yali Udawu Wasanthe Lesin udavu vasanthe – Edward Jayakody
Comment