නොලැබෙන යුවතිය

ආදරය…… ඒක හරිම පුදුම දෙයක්. කෙනෙක්ට ආදරය ඇතිවුණාම ඒක කොච්චර බලවත්ද
ඒත් ඒ ආදරය තමන්ට ලැබෙන්නේ නෑ කියලා දැනෙද්දී ….. ඒ ආදරය තවත් වැඩිවෙයිද?

කාලයක සිට ඇයට පෙම් බඳින ඔහු……..
ඇයට වෙනත් හිමිකරුවෙකු මේ වන විටත් සිටින බව දැනගන්නවා. මෙය ඔහුට එකවර දරා ගත හැකි දෙයක් නම් නෙවෙයි. ඒ නිසා ඔහු කන්දක් පාමුල හුදෙකලාව මේ වගේ ගීතයක් මුමුණනවා. ඒ ගීතය ආරම්භ වෙන්නේ මෙහෙමයි
“කඳු පාමුල සිට දැහැනට සමවැද මා ගයනා ගී ඔබට ඇසෙනවද”

ඇයට වෙනත් හිමිකරුවෙකු මේ වන විටත් සිටී. එය ඔහු ගීතයෙන් කියන්නේ මෙහෙමයි

ඔබ කිව් රහසින් මා සැළුනේ නැත ඔබ අන්සතු බව මම දැන සිටියෙමි

අළුයම් කාලයේදී, මිටියාවත්, කඳු, ශිඛර සිසාරා ගොස් අඳුරැ වන පෙත තුළ සඳ බැස යයි. නමුත් ඔබ කී දෙයින් මා සැළුනේ නැත. ඔබ අන්සතු බව මම දැන සිටියෙමි. ඔහු එසේ ප්‍රකාශ කළද හදවතින් ඔහු තවම පසු තැවෙයි.           

උදෑසන කාලයේදී ඇළ, දොළ, ගංඟා, සයුරු සිසාරා ඉර නැඟ එන දර්ශනය මනරම්ය. එම දසුනට අපේ සිතුවිලි වෙනස් කරන්න පුළුවන්. ඒත්…….

ඔබේ නෙත් යුවලේ කාන්තියට මගේ සිතුවිලි නැවත වෙනස් කළ නොහැක.

“ඇල දොල ගංගා සයුර සිසාරා ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත ඔබ අන්සතු බව මම දැන සිටියෙමි”

ලැබෙන්නේ නැති ඒ යුවතියට ආදරය තවත් වැඩිවෙලාද?

මේ ගීතයේ පදවැල් සරත් ගුණරත්න මහතාගෙන්, ඒක සංගීතවත් වෙන්නේ කාලෝ විජේසිරි මහතා අතින්, ගායනා කරන්නේ ආත්මා ලියනගේ මහතා.

මේ සිංදුව අහන්න පහළ click කරන්න

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks