ධනපති පංතිය ඉදිරියේ අසරණ වූ යුවතිය

අද අපි කථා කරන්නේ “කුමරි බඹසර පරම පිවිතුරු” ගීතය ගැනයි. මේ ගීතය ගායනා කරන්නේ ආචාර්ය නන්දා මාලනී විසින්. ඇත්තටම මේ ගීතයේ සිටින කන්‍යාවියගේ හඬ තුල ගැබ්ව ඇත්තේ හුදෙක්ම දුක් වේදනාවක් පමණක්ම නෙමෙයි. මොකද මේ ගීතය පටන් ගන්නේ මෙහෙමයි

කුමරි බඹසර පරම පිවිතුරු
කුවේරය දැන් තොපට බිලිදෙමි
බිලිගනින් මා බිලිගනින්
කුමරි බඹසර බිලිගනින්

රැකියාවක් සොයා යන මේ අසරණ යුවතිය ධනපති පන්තියේ සල්ලාලකම, වනචාරීකම ගැන කේන්තියෙන් සහ ආත්ම අනුකම්පාවකිනුයි කතා කරන්නෙ. ඔව්! බොහෝ දෙනා කථා කිරීමට අකමැති සත්‍ය එයයි. මෙහි දුක තවත් වැඩි කරන්නේ ඊලග පද පෙළියි

ශිල්ප සඳහා ලැබූ සහතික
හදේ ගින්නෙන් දවමි තොප ළඟ
මුදල අගයන තොපේ ලොවකට
උගත් කම් ගුණ දහම් කුමටද

ඇය උගත් යුවතියක්! ඇයට සියලු අධ්‍යාපන සුදුසුකම් තිබෙනවා. නමුත් අධ්‍යාපන සුදුසුකම් වලට වඩා යමක් ඇයගෙන් හාම්පුතා බලාපොරොත්තු වෙනවා. උගත්කම් ගුණදහම් යටකරමින් සල්ලාලකම රජ කරනවා. යුවතියකට අභිමානයක් මෙන්ම වටිනාකමක් ගෙනෙන ඇගේ කන්‍යාභාවය මේ හාම්පුතුන්ට විනෝදයක් පමණයි. ඊලග පද පේළි වල ඇත්තේ ඇගේ වෛරයයි..

තොපට බිලිවී තෝපෙන් සුරැකි
කාණු පල්ලේ පලි ගසන්නෙමි
දිනෙක තොපගේ ලොවම බිලිගෙන
අපේ ලෝකය ගොඩනගන්නෙමි

ලිංගික අල්ලස් ගැනීම ගැන කෑ ගසා කියන ඇය පෙන්වන්නේ මේ සමාජයේ ඇතැම් ස්ථර එක්ක තියෙන ඇගේ වෛරයයි.
මොහොතක් සිතන්න …..

ගීතය අහන්න මෙතන click කරන්න.

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks