දොලේ දියපහර වූ අප්පච්චී

අප්පච්චි කියලා කියන්නේ නිකම්ම පුටුවක් උඩ වැඩිවෙලා ඉන්න කෙනෙක් නෙමෙයි, ඒ නිසයි මේ ගීතයේ මුල් පද පේළියේ කියන්නේ “අන්දර යායේ වැව්තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී” ඔව් අප්පච්චි කියන්නේ ගොඩක් මහන්සි වෙන කෙනෙක්, දුවලා පැනලා වැඩ කරන කෙනෙක්.

ඒ අප්පච්චිව කොච්චර වටිනවද කියලා ඊලග පද පේළි වල කියන්නේ මෙහෙමයි “දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චී” ඔව් මේ පුතා අප්පච්චිව දකින්නේ දොලක දිය පහර වගේ, කෙතක අස්වැන්න වගේ, ගසක මලක් වගේ.

අප්පච්චි කොච්චර මහන්සි වෙනවද කියන දේ ඊළගට කියන්නේ මෙහෙමයි “වළාකුලේ දා බිදු තවරා මහපොළවට මහ වැසි ගෙනෙනා” වලාකුළු හැදෙන්නේ ජලවාෂ්ප වලින්, හැබැයි මේ වලාකුළ හැදෙන්නේ අප්පච්චිගේ දහඩියම වාෂ්ප වෙලයි. වලාකුළු මහ වැසි විදියට පොළවට වැටිලා පොලව සශ්‍රීක කරනවා වගේ අප්පච්චිගේ දහඩිය දරුවන් සශ්‍රීක කරනවා.
එහෙම කරපු අප්පච්චි දිවි ගමනේ අවසානයට යද්දී වෙන දේ ගැනයි ඊලග පද පේළිය “දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද පිතු සෙනෙහේ කඳුලැලි සලනා”. මහළු වයසේ ඉන්න අප්පච්චි දරුවන් දෙස සතුටු කදුළු හෙලමින් බලාගෙන ඉන්නේ තම දරුවන්ගේ සතුටයි.

දරුවන් වෙනුවෙන් මේ අප්පච්චි කල දේ ගැන ඊළගට කියන්නේ මෙහෙමයි “තුරු හිස මුදුනේ මල් ඵලදා කැකුළු මුවට ඵල වැල නෙලුවා” අප්පච්චිගේ අධික මහන්සිය ඇත්තටම දරුවන්ගේ ඒ පොඩි බඩ පිරෙව්වා. අප්පච්චිගේ ඒ මහන්සිය “ඒ දඬු මං බැද සත්කුළු පව් බිද සිදාදියට යන මං තැනුවා” මේ දරුවන්ට ඒ දුක අප්පච්චි දුන්නේ නැහැ. තමන්ගේ දරුවන් තමන්ට වඩා හොඳ තැනකට ගෙන්න මේ අප්පච්චි දැරූ වෙහෙසයි. දැන් දරුවන් සිදාදියේ නැත්නම් හොඳ තැන්වල ඉන්නවා.

ඇත්තටම මේ ගීතය රචනා කල කුමාර ලියනගේ මහතාගේ ආදරණිය පියා ජිවිතයට සමු දෙද්දී, ඔහු විදෙස් ගත වෙලා. ඔහුට තම පියාට අවසන් ගෞරව කරන්න එන්න වෙන්නේවත් නැහැ. එම දුක දරාගෙන ඔහුට හැඟුණ දේ රචනය කල ගීයක් මේ.

මේ ගීතය සංගීතවත් කරන්නේ රෝහණ ධර්මකීර්ති මහතා
ගායනය කරුණාරත්න දිවුල්ගනේ මහතා.

Click below to listen to “Andara Yaye”

karunarathna divulgane – rohana dharmakeerthi – kumara liyanage – lyrics – meaning of andara yaye

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks