Adambara Sanda

ආඩම්බර සඳ

Lyrics

ආඩම්බර සඳ සිරියහනට වැද
ඇයි අද මේ තරමට දඟ
කියන්න කියන්න කියන්න
කියන්න පුන්සඳ
කෞමතී මලක් යහනට එවන්නේ කවදද
කෞමතී මලක් යහනට එවන්නේ කවදද

දොර සිදුරෙන් ආල කැළුම්
සිරි යහනේ අතුරලා
රෑ කුමාරි මල් සුවඳක්
සුළඟෙ එවයි දවටලා..
ඕ… හොඕ…
හැමදාමත් සිහින වැලක්
ඉහ ඉද්දර බොඳ කලා

නීල වලා කෙඳි අමුණා
යහන වටේ සරසලා
සිකුරු තරුව කැන්දාගෙන
යහනේ සරදම් කලා
පිණි කඳුලක් තබා හොරෙන්
උදයේම පිටමං වෙලා
ආඩම්බර සඳ සිරියහනට වැද

Adambara Sada sanda siriyahanata weda – Kasun Kalhara

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks