ආදරණීය නේරංජනා

Lyrics

ආදරණීය නේරංජනා ///////

ඔබේ මුදු මදහස් රැළි මාලාවේ වෙලී බැඳුණ දින රඟ ශාලාවේ
තුන් හිතකින්වත් නොසිතූ විලසින් යළි ඔබ දැකුමට ආ වේලාවේ

අප හමු වූ ගෙඋයන් සීමාවේ එක මොහොතක් පමණකි තනි වූයේ
මටම ම පුදුමයි අදහන්නට බෑ මම ම නොවේ යළි ඉන් පිට වූයේ

කවුදෝ මා පසු පස එනු දැනුණා පාළු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු සිටියේ නෑ එනමුදු කවුදෝ ඇති බව හැගුණා

නිදියහනේ මා නින්දට වැටුණා
ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා
එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ
මගේ සිතම මට මුමුණනු ඇසුණා

ආදරණීය නේරංජනා ////////

Adaraniya Neranjana Niranjana – Priya Sooriyasena Suriyasena


මෙම ගීතයේ Ringtone එක Download කරගන්න
(40 seconds)



More from Admin

Enable Notifications OK No thanks