&

අහසින් එහා තරු මං දිගේ

Lyrics

අහසින් එහා තරු මං දිගේ
පියඹන්න දැන් විහඟෙකු ලෙසින්
අහසින් එහා සිහිනය දිගේ
පියඹන්න නම් ආසයි ඉතිං
හිත කළඹමින් හැඟුමන් එබී
ඔච්චම් කළේ කවදාක හෝ
නොදැනුණු ලෙසින්
හද ගී පොතේ සත්සර නැගී
ඒ ආදරේ

සිතුවිලි කුසුම් විකසිත වෙමින්
මකරන්ද සුවඳින් පිරේ
ඔබගේ හඬින් විවරණ අරන්
ජීවිතය ගීයක් වුනේ
දවසක උතුම් කිරුළක් දරන්
ඔබ එන්න රැජිනක් ලෙසින්
හිත කළඹමින් හැඟුමන් එබී
ඔච්චම් කළේ කවදාක හෝ
නොදැනුණු ලෙසින්

අහසින් එහා තරු මං දිගේ…..

Ahasin eha tharu man dige adaraniya kathawak – Uresha Ravihari/Kasun Kalhara

More from Admin

Enable Notifications OK No thanks