Lyrics
ඉර හඳ පායන ලෝකේ අලෝකය අතරේ
සැප දුක සමබර වේ මේ ජීවින කතරේ
මේ ජීවන කතරේ සැප දුක සමබරවේ
උකුළේ ළමැදේ සමබර උසුලන //
ගැමි ලිය යන ගමනේ මුදු බඳ නැළවෙන සේ
කඳූවැටි ගංගා සාගර එකසේ //
පොළොවට සමබර වේ මේ ජීවින කතරේ
මේ ජීවන කතරේ සැප දුක සමබරවේ
වැඩිවන ආශා මැඩලන වේගේ //
ජීවන මග කැළඹේ ඒකම රස මුසුවේ
මහ මඩ වගුරේ වන විල් මතුවේ //
පියුම් පිපී නැටවේ මේ ජීවින කතරේ
මේ ජීවන කතරේ සැප දුක සමබරවේ
ඉර හඳ පායන ලෝකේ අලෝකය අතරේ
සැප දුක සමබර වේ
Ira Handa Payana Lowe Alokaya Athare - W. D. Amaradewa
Comment