Lyrics
ඉගිලෙන්න තහනම් නම් දුරක්
ඇයි දුන්නේ මට අත්තටු දෙකක්
අපි ලිව්වෙ ලස්සන කවි දෙකක්
මගෙ වෙන්නෙ ඇයි එක කවි පෙළක් //
පෙම්වන්ත හිතටත් යට ඉඳන්
පෙන්වන්න අවියක් ඔබ අරන්
මට ගන්න හැකී ඉර හඳ උනත්
ඔබ දන්නේ නැහැ ඒ බව තවත්
ඔබ දන්නේ නැහැ ඒ බව තවත්
ඉගිලෙන්න තහනම් නම් දුරක් ...
හැමදාම මල් පෙති ලං කලත්
දැනුනේම නෑ සුවඳැති බවක්
නෑ මා ඔබෙන් ලද අත්වැලක්
සාධාරණයි අපි වෙන් කළත්
සාධාරණයි අපි වෙන් කළත්
ඉගිලෙන්න තහනම් නම් දුරක් ...
Igilenna thahanam nam durak - Nirosha Virajini Wirajini
Comment