ane dingak innako

ආනෙ ඩිංගක් ඉන්නකෝ

Lyrics

ආනෙ ඩිංගක් ඉන්නකෝ
ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල අහක බලබල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ
///

පුංචි මාමගෙ කුඹුරෙදී
පැලක් ඉන්දන දවසෙදී
පුංචි මාමගෙ කුඹුරෙදී
පැලක් ඉන්දන දවසෙදී
දනක් මඩයේ එරි එරී
එදා පැල සිට වූ සැටී
දනක් මඩයේ එරි එරී
එදා පැල සිට වූ සැටී
තාම මතකයි ඊයේ වගෙමයි
දෙතොල් අව්වේ සැලි සැලී

ආනෙ ඩිංගක් …

කුඹුක් ගහ යට බටකැලේ
නාන විටදී ඔබ දොලේ
කුඹුක් ගහ යට බටකැලේ
නාන විටදී ඔබ දොලේ
හිසක් ජලයේ ගිලි ගිලී
දේඅත් සිරවූ පෙම් කෙලී
හිසක් ජලයේ ගිලි ගිලී
දේඅත් සිරවූ පෙම් කෙලී

දැස නලවා සිනහා සැලුවා
ලපටි මුහුනේ මල් පිපී

ආනෙ ඩිංගක් … //

Ane aane dingak diggak innako oya – C. T. Fernando pranandu

More from Admin

Enable Notifications OK No thanks