මේ පුංචි රටේ

Lyrics

මේ පුංචි රටේ කොතැනකදී හෝ
මතු කවදා හෝ යළි අප හමුවේවි
යළි අප හමුවේවි

ආදර සිහිනය දෑසට උතුරන
කදුළු ගඟක් වන දිනයේ //
ජීවිතයට හිමි පැරදුම පිළිගෙන
සමුගෙන යමු වෙන්වී
සමුගෙන යමු වෙන්වී

මේ පුංචි රටේ …

ජීවිත ගමනේහි කොතැනකදී හෝ
අප යළි හමුවන දිනයේ //
මේ දුක් කදුළැලි වියැකුණු දෑසින්
හිනැහෙනු මැන පෙර සේ
හිනැහෙනු මැන පෙරසේ

මේ පුංචි රටේ …

Me Punchi rate kothanaka ho – T. M. Jayarathna jayarathne

More from Admin

Featured on

Enable Notifications OK No thanks