Lyrics
හිම කඳු අතරින් පාවී එන්නේ
නීල වලාවේ පැහැය දරා
දඟකාර ඔබේ ඔය නෙත් මිණි දල්වා
බලන්න මා දෙස මඳහස පාලා
බලන්න මා දෙස මඳහස පාලා
මිහි බට සුර කුමරියක් ලෙසින්නේ
ලැසි ගමනින් පා සළඹ සලන්නේ //
මුව සඟවා ලූ සළුව මුදා හැර
බලන්න මා දෙස මඳහස පාලා
බලන්න මා දෙස මඳහස පාලා
එරන්දතී සුකුමාල ළඳුන්නේ
දිගු වරලස සුදු මල් ගවසන්නේ //
දෑත නඟා නිල් වරල උනා යළි
බලන්න මා දෙස මඳහස පාලා
බලන්න මා දෙස මඳහස පාලා
හිම කඳු අතරින් පාවී එන්නේ …
Hima kadu kandu atharin – Amaradewa amaradeva
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment