Lyrics
පවුරු වළල්ලක් බැඳලා සතර අතේ අවි ගත් මුර සෙබළුන් යොදලා
පවුරු වළල්ලම බිඳලා මං එනවා මුරකාවල් අතරින් මිදිලා
(පවුරු වළල්ලක් බැඳලා)
…
කවුළු දොරින් බලා ඉඳිමි ඔබ එනතුරු බලා ඉඳිමි //
ඈතින් පිය මනිනු දකිමි
සුසුම් හෙළා හඬා වැටෙමි, සුසුම් හෙළා හඬා වැටෙමි
පවුරු වළල්ලක් බැඳලා…
නිරතුරු ඔබෙ මුහුණ දකිමි පෙම් සටනින් පැරද නොයමි //
ලොවක් නොමැත අපට අහිමි
ඔබ හා මිස තනිව නොයමි, ඔබ හා මිස තනිව නොයමි
පවුරු වළල්ලක් බැඳලා…
Pavuru Walallak Bandala Pawuru – Indrani Perera
Featured on
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment