ඉරිසියාව ක්‍රෝද රෝග

Lyrics

ඉරිසියාව ක්‍රෝද රෝග හටගන්නේ විනාසෙටයි ඉත්දුටු හොඳ අරිෂ්ට ඇත පාවිච්චිය ප්‍රවේසමෙන් //

අරළු ඉගුරු කටුවැල් බටු තිප්පිලි රණවරා නෙළුම් කලන් පහක් බැගින් කිරා පත අටකට එකකට හින්දනු

ඒක සාය වඩි හතරයි අනුපානය විලද වැනියි උදේ හවා දෙවරුවේම බීමෙන් සුව සෙත සැදෙයි

ඉරිසියාව ක්‍රෝද රෝග හටගන්නේ විනාසෙටයි ඉත්දුටු හොඳ අරිෂ්ට ඇත පාවිච්චිය ප්‍රවේසමෙන්

එයින් රෝග සුව නොවුනොත් ඉහෙන් බහින් රෝග නොමැත නැවතත් එය වැළදුන හොත් මෙන්න ඊට හොදම බෙහෙත

කරුණාවයි මුදිතාවයි උදේ හවා හා අළුයම කිරා ගන්න හත් දවසක් එකී රෝග නිවාරණයි

ඉරිසියාව ක්‍රෝද රෝග ….//

Irisiyawa Irisiyava kroda krodha roga – Priya Sooriyasena Suriyasena

More from Admin

Enable Notifications OK No thanks