Lyrics
බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා ගලින් ගලට පා තබමින් දුවන්නට එපා ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී
ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා දෑස තෙමා ලන දුක් ගිනි නැගෙන්නට එපා දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී
…
නිල් ලන්දේ ගම් මැද්දේ ඉද්ද සමන් පිපෙනවා වෙල් මැද්දේ වගුරු පුරා කෙකටිය දළු දිලෙනවා
ගේ මැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා හිත මැද්දේ ලොකු අඩුවක් මගේ සතුට මකනවා
ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා දෑස තෙමා ලන දුක් ගිනි නැගෙන්නට එපා දෙමාපියන් පිට ගමකින් මට බහ දේවී
ගමෙන් ඈත සිදාදියේ ලොකු නුවරක් තියෙනවා මාල වළලු අරුමෝසම් එහි ඇති බව කියනවා
දෙමාපියන් ගමෙන් පිටට මා දෙන්නට හදනවා සිදාදියෙන් කුමාරයෙක් මා බලන්න වඩිනවා
බිංදු බිංදු මල් වැස්සේ ….
Bindu Mal Wasse – Edward Jayakody & Nanda Pathirana, Lyrics – Kularatne Ariyawansa, Music – Rohana Weerasingha
Comment