As Deka Diha Balana

ඇස් දෙක දිහා බලන

Lyrics of As Deka Diha Balana

ඇස් දෙක දිහා බලන
ඔබේ ඇස් කියනා කතාව
තේරුම් ගන්නත් පුළුවන්
මගහැර යන්නත් පුළුවන්
සිත් මල සෝදාගෙන
ගලන සුවඳ මුදු වුණාට
මතකයෙ ඉන්නත් පුළුවන්
අමතක වෙන්නත් පුළුවන්

සාගර ජලය තරමට
ආදරෙ සුවඳ නිම් නැත
පා වෙන සුළඟ තරමට
ජීවන ගමනෙ දුර ඇත
තව මොහොතක් හිතන්න
දවසක් දෙකක් දෙන්න
එතකොට පුළුවන් වෙයි
අපිටම අපගේම වෙන්න
අපිටම අපගේම වෙන්න

ඇස් දෙක දිහා බලන
ඔබේ ඇස් කියනා කතාව
තේරුම් ගන්නත් පුළුවන්
මගහැර යන්නත් පුළුවන්

කූඩුවෙ සතුට අතරට
කඳුළක් එන්න ඉඩ තියෙයි
පූරුවෙ කරපු පවකට
දෙපසක වෙන්න හරි හිතෙයි
සුවඳින් දුරක් යන්න
සැකයෙන් දුරස් වෙන්න
මේ හමු වීම සඳක්
සංසාරෙට එළිය දෙන්න
සංසාරෙට එළිය දෙන්න

ඇස් දෙක දිහා බලන
ඔබේ ඇස් කියනා කතාව
තේරුම් ගන්නත් පුළුවන්
මගහැර යන්නත් පුළුවන්
සිත් මල සෝදාගෙන
ගලන සුවඳ මුදු වුණාට
මතකයෙ ඉන්නත් පුළුවන්
අමතක වෙන්නත් පුළුවන්

As Deka Diha Balana – Karunarathna Divulgane

More from aveterone