Asampurna Kathawak

අසම්පුර්ණ කතාවක්

Lyrics of Asampurna Kathawak

සුසුම් සීතල හැඟුම් පාරන
රිදුම් උපදින නිශාවක්
බැතින් පායන පාලු අහසේ
සුපුන් සඳටත් තියෙනවා ඇති
අසම්පූර්ණ කතාවක්
අසම්පූර්ණ කතාවක්

ලියා අවසන් කරන්නට බැරි
විඩාබර පෙම් කතාවක්
කියාදෙන්නම් ආයෙමත් අපි
හමුඋනොත් එක වතාවක්
සුපුන් සඳටත් තියෙනවා ඇති
අසම්පූර්ණ කතාවක්
අසම්පූර්ණ කතාවක්

එදා අහසේ අඳුරු සෙවණැලි
මවා පෑ තරු රටාවක්
තියේ කඳුලින් ඇඳපු තවමත්
ඒත් ලස්සන හිනාවක්
සුපුන් සඳටත් තියෙනවා ඇති
අසම්පූර්ණ කතාවක්
අසම්පූර්ණ කතාවක්
අසම්පූර්ණ කතාවක්
අසම්පූර්ණ..

Asampurna Kathawak katawak kathavak කථාවක් – Sanka Dineth සංක

More from RogueOne

1 Comment

  1. “කියාදෙන්නම් ආයෙමත් අපි
    හමුඋනොත් එක වතාවක්
    සුපුන් සඳටත් තියෙනවා ඇති
    අසම්පූර්ණ කතාවක්”

    මේ ටික නම් හිතට මාරම වැදුණා ….