අසෝක මල් මාල නෙළාලා

අසෝක මල් මාල නෙළාලා
අසෝක මල් උයනට වැදිලා
සෝක නිවන ගීත ගයාලා
ඔබ කවුරුද කියන්න මාලා //

බලන්න ලස්සනයි
වනයේ පිපුණ මලට දෙවෙනි නෑ වගෙයි
සුරංගනාවියක්ද මේ
කියන්න ආදරී
කවුද මෙ ඔබ තනිව වනේ ගී ගයා
ප්‍රීති වෙලා ප්‍රීති වෙලා

අසෝක මල් මාල නෙළාලා ...

ඔබේ දුගී පැලේ
සතුට සැපත මිහිරි සුවය ඇත ළදේ
නැතේ ම රාජ මංදිරේ
නොයන්න ආදරී
ප්‍රේමණීය පෙම්වතෙක් දුකේ තියා
එපා එපා රජ සැපා

අසෝක මල් මාල නෙළාලා ...

ලියාවි සිංහලේ
ඉතිහාසේ අපගෙ පෙම් කතන්දරේ
උනොත් මගේ ප්‍රියම්බරී
අසෝක මාලියේ
මම වෙමී සාලිය කුමරුන් සිංහලේ
මනාලියේ මනාලියේ

අසෝක මල් මාල නෙළාලා ... //

Asoka Mal Mala Nelala - MS Fernando

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *