Athinatha Aran

අතිනත අරන් | Athinatha Aran | Song & Lyrics

Lyrics of Athinatha Aran

අතිනත අරන් යන විට සෙමින්
නව නෑසියන් සමගින් මෙසේ
මංගල සිලෝ හඬ අභිබවා මට
ඔබේ මුදු කටහඬ ඇසේ
පියාණනේ
ඔබේ ඇමතුම් හඬ ඇසේ

මග නොමග මේ යැයි කියා
ජීවිතේ අග මුල සොයා
ඔබ කියාදුන් මහඟු පාඩම
හදේ ගැඹුරුම තැන ලියා
මගේ ඉරණම් ගමන මම යමි
ස්නේහයේ නව මං සොයා

පන්නරය ලැබ ඔබ වෙතින්
ජීවිතය සැකසුණු බැවින්
පරපුරේ ගෞරවය රැකගෙන
හිඳින්නෙමි පතිනිය ලෙසින්
දරු සෙනේ ඇට මිදුලු විනිවිද
පවතිනා බව දනිමි මං

අතිනත අරන් යන විට සෙමින්
නව නෑසියන් සමගින් මෙසේ
මංගල සිලෝ හඬ අභිබවා මට
ඔබේ මුදු කටහඬ ඇසේ
පියාණනේ
ඔබේ ඇමතුම් හඬ ඇසේ

Athinatha Aran yana wita semin – Sankani Edirisinghe sankhani

More from RogueOne