Benthara Palame

බෙන්තර පාලමේ | Benthara Palame | Lyrics & Song

Lyrics of Benthara Palame

උරුමක්කාරියේ මගේ මේ සංසාරේ
හිතුවක්කාරියක් නොවී රෑ තුන්යාමේ
ඇහිපිල්ලම් සලා කියාදී ආදරේ
කුසුමක් වී පිපෙන්න මාගේ වෙල් තීරේ
කිසිදා නොලද හැඟුමක් රැගෙන
මගේ ලෝකේ තුලට ගෙනැවිත් ඔබව
ආසයි දිනෙක පලදා මුදුව
ඔබේ නාමේ අගට මගේ නාමේ දෙන්න
බෙන්තර පාලමේ එපිටින් ඇති මා ඉමේ
කොල්ලන්ගේ හිතේ බොරු නෑ නේ
දුන්නොත් ආදරේ
කැන්දම් යන්නම් කරේ
ඊලග මාසයේ මැද බාගේ

අවතැන් උනු හැඟුමන් ගෙත කිමිදී ගිලිලා
හද පතුලේ තිබෙනා
රිදෙනා තැන් සොයලා
සුවපත් කළ ඔසුවක්
ඔය මුවගේ මවනා
සිරියාවන් පිරෙනා
සඳ වාගේ සිනහා
යහනාවක් තනලා මල් අතුරා සුවසේ
සතපන්නම් ඉඩ දුන්නොත් ඉගියෙන් දෑසේ
නොරිදා සිපගන්නම් ආදරයෙන් මාගේ
රැකගන්නම් හැමදාමත් රැජිණක් වාගේ
බෙන්තර පාලමේ එපිටින් ඇති මා ඉමේ
කොල්ලන්ගේ හිතේ බොරු නෑ නේ
දුන්නොත් ආදරේ
කැන්දම් යන්නම් කරේ
ඊලග මාසයේ මැද බාගේ

කෙහෙරැල්ලක් ඔබගේ මද පවනැල්ලක් හා
තාලයකට සැලෙනා පාවෙන හැඩ දැකලා
පදවැල් උපදිනවා මගේ මනසේ වටිනා
පිටු දාහක් තිබෙනා
කවි පොතකට අගනා
මගේ ජීවේ අවසානේ ඔබගේ තුරුළේ
නවතින්නට හැකියාවක් ලැබුනොත් ආයේ
ඉපදී මතුභවයේ නෑ වෙනසක් වෙන්නේ
ඔබවයි සොයලා එන්නේ සුළඟක් වාගේ
බෙන්තර පාලමේ එපිටින් ඇති මා ඉමේ
කොල්ලන්ගේ හිතේ බොරු නෑ නේ
දුන්නොත් ආදරේ
කැන්දම් යන්නම් කරේ
ඊලග මාසයේ මැද බාගේ

Benthara Palame ( බෙන්තර පාලමේ ) – Dimanka Wellalage ft. Kapilan Kugavel

More from raccoon