Chandra Madulu Yata

චන්ද්‍ර මඩුලු යට සුරංගනාවන්

Lyrics of Chandra Madulu Yata Suranganawan

චන්ද්‍ර මඩුලු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ

රන් තැටියට කිරි පැණි පුරවාගෙන
හඳහාමි දූ බලන්න එනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
හඳහාමි කෙළෙසද මෙහි එන්නේ

කිරි මුට්ටිය නූඹෙ ගඟේ ගියාලු
ගඟට උඩින් කිරි කොක්කු ගියාලු
දුවේ එපා ඒ කතා අහන්නට
මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ

චන්ද්‍ර මඩුලු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැළවිලි ගී මමයි කියන්නේ

Chandra Madulu Yata – Nanda Malani

More from RogueOne