Lyrics Of Digu dasa dutuwama
දිගු දෑස දුටුවාම
හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව
ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ
ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ
ළඟ ඉන්න පෙර වාගේ
දිගු දෑස දුටුවාම
හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව
ඔය හිතට අමතකද
රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
මට දෙන්න මගෙ සිහිනේ
ළඟ ඉන්න පෙර වාගේ
දිගු දෑස දුටුවාම
හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව
ඔය හිතට අමතකද
පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
පෙනෙනවා දකිනවා නිහඬ රෑ දුර අහසේ
දුරම මිස ළඟ නැතිද අහනවා නෙතු මාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ
දිගු දෑස දුටුවාම
හැඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව
ඔය හිතට අමතකද
දිගු දෑස දුටුවාම
Digu dasa desa dutuwama – Romesh Sugathapala
Comment