Lyrics of Eethala Watunu Wewe
ඊතල වැටුණු වැවේ
තඹරු මුකුලු කලේ
මා හට ඉදුරාම ආදරේ දෙනවා ද
බයට පපුව ගැහේ
කුඹුකේ හෙවන දිගේ
ඔබව සොයන පැයේ
ඈතක ඉදලාම මා රුව හදුනාන
උසුලු විසුලු කලේ
ඈතක ඉදලාම මා රුව හදුනාන
උසුලු විසුලු කලේ
නිල් අහසේ සේද වලා වගේ
ඔබේ දෑසේ ආල කතා මැවේ
පෙම පුරමු කදුළු නිවා
අපි සසර වසන තුරා
පාලුව දැනුණාම
මා හිස රදවාම
මුවග මතම වෙලී
ඊතල වැටුණු වැවේ
තඹරු මුකුලු කලේ
මා හට ඉදුරාම ආදරේ දෙනවා ද
බයට පපුව ගැහේ
කුඹුකේ හෙවන දිගේ
ඔබව සොයන පැයේ
ඈතක ඉදලාම මා රුව හදුනාන
උසුලු විසුලු කලේ
ඈතක ඉදලාම මා රුව හදුනාන
උසුලු විසුලු කලේ
සිත් රහසේ හාද උනා ඉබේ
එක්වෙන දිනේ වැඩි ඈතක නොවේ
දිනගනිමු එදින තුරා
ඉකි නොබිද සුසුම් දරා
පාලුව දැනුණාම මා හිස රදවාන
මුවග මතම වෙලී
ඊතල වැටුණු වැවේ
තඹරු මුකුලු කලේ
මා හට ඉදුරාම ආදරේ දෙනවා ද
බයට පපුව ගැහේ
කුඹුකේ හෙවන දිගේ
ඔබව සොයන පැයේ
ඈතක ඉදලාම මා රුව හදුනාන
උසුලු විසුලු කලේ
ඈතක ඉදලාම මා රුව හදුනාන
උසුලු විසුලු කලේ
Ethala watuna wawe – Shanika Madumali
Comment