Lyrics
තෙයි තන තම්දෙන තානේ මල් නැටුම් නටන තාලේ පාවෙනා වළාවේ සිත සතුටු වෙලාවේ ගම්මානෙ පුරා සරා මනාවා මට රහස් කියා සිනා ගෙනාවා ගම්මානෙ පුරා සරා මනාවා මට රහස් කියා සිනා ගෙනාවා
ඇල දොළේ ඔහේ කතා බහේ මාළු යාලුවෝ ගුම් දිදී සුවද මල් ඉහිනා බිගු කුමාරයෝ ආඩම්බරයිලු මාල බැදපු මාල ගිරවියෝ මට යාළුකමට කතා කලා මල් කුමාරියෝ
හිත දිරිය දෙන්න කඳු පංතිය වගේ උස ගියා මං ගමට කරන සෙනෙහේ ගම මටත් දෙන නියා මල් හීන පිරුණු හිරිමල් හිත හිනාවක් තියා ගම් දොර අයිතිය රන් පානට දුන්නාලූ ලියා
තෙයි තන තම්දෙන තානේ මල් නැටුම් නටන තාලේ පාවෙනා වළාවේ සිත සතුටු වෙලාවේ ගම්මානෙ පුරා සරා මනාවා මට රහස් කියා සිනා ගෙනාවා ගම්මානෙ පුරා සරා මනාවා මට රහස් කියා සිනා ගෙනාවා
Gammane Pura – Sashika Madushani Shashika

Comment