හැමදාමත් යාළුවේ

Lyrics

හැමදාමත් යාළුවේ
මම ඉන්නෙමි පාළුවේ
ම‍ගේ පාළු පැලට එන්න
කවුරුත් නෑ යාළුවේ //

පිපි කු‍සුමෙහි රන් මුවරද
නෙත පින බිඟු සේමා
නිතිගෙ උයන  වැද රඟදුන්
පැණි සමනල සේනා
සපැමින ඔබ වෙණ වැයූ
මා අභියස ගී ගැයූ//

හැමදාමත් යාළුවේ…..

සව්සිරි සැප මා අතහැර
අද වෙනතක ඇදිලා
මින් මග තනිකම තනියට
මගෙ පැලතුල රැදිලා
බිතු සිතුවම් රූ වැනි
ඔබ කොතැනද මිතු‍රනී//

හැමදාමත් යාළුවේ…..//

Hamadamath yaluwe mama innemi paluwe -Somathilaka Jayamaha

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks