Lyrics
ළඳු ඕවිටි කළල් මතින් සුසුම් ගඟක් ගලනවා බාධක ගිරි ශිඛර මැදින් කුස ගින්දර දිවෙනවා අළුත් පාර හැදෙනවා..
…
හිරු පායා අපේ හිසට සෙවණ ගෙනෙනවා පොළොව දැවී අපේ පයට සිහිල සද..නවා.. දූවිලි මඳ පවන් හමා ගිමන් නිවනවා දෑතේ කරගැට දෙතොලට පවන් සලනවා..
ළඳු ඕවිටි කළල් මතින් ….
අපේ ශ්‍රමය කළු ගල් වී බිම වැතිරෙනවා රන් දහඩිය තාර වෙලා උඩින් ගලනවා මැති උතුමන් නම් පාරෙන් කඩුළු ඇරෙනවා පාර අයිනෙ අපි හැමදා බලා ඉන්නවා…
මෙම ගීතයේ විවරණයක් පහතින් කියවන්න.
Landu Owiti Kalal Mathin Ladu Oviti - Edward Jayakody, Lyrics - Kumaradasa Saputhanthri, Music - Rohana Weerasingha
Comment