Nawathan Pola Obai

නවාතැන්පොළ ඔබයි

Lyrics

නවාතැන්පොළ ඔබයි
ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ
ජීවිතේ දිගු වන්දනා ගමනේ

ආලයේ වන බිඟුන් බමනා
ස්නේහයේ ජල තරඟ බි‍ඳෙනා
නිල්ල දිලෙනා නිම්නයේ
ගරා නොවැටෙන නවාතැන ඔබ

නවාතැන්පොළ ඔබයි
ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ
ජීවිතේ දිගු වන්දනා ගමනේ

දයාවේ සඳ සිසිල ලබනා
සාමයේ මඳ පවන රඳනා
හිම මිදෙන මිටියාවතේ
සදා උණුසුම් නවාතැන ඔබ

නවාතැන්පොළ ඔබයි
ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ
ජීවිතේ දිගු වන්දනා ගමනේ

නවාතැන් පොල නවාතැන්පොල පොළ Nawathan pola nawathanpola obai obayi – Nanda Malani

More from Admin

Enable Notifications OK No thanks