සයිමා cut වෙලා

නිකන් බොරුවට අඬලා කිමද හැපෙන්නෙ විමලා කලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලා

උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා අනේ උඹෙ පෙම්බර සයිමා කට් වෙලා
උඹ හොඳට මිරිකලා දෙහි ටික ගනින්කො විමලා අනේ උඹෙ ඩාලිං සයිමා කට් වෙලා


අද පඩි හින්දා සොමියට හිත ගිය හින්දා යාළුවො කැන්දා තරඟෙට බිව්වද මන්දා
අනේ නුපුරුදු හින්දා වමනෙට ආවද මන්දා මේ බොන්නට බැරි සයිමා මොකට බිව්වද මන්දා
උඹ හොඳට මිරිකලා……

කසාද බැඳලා අවුරුදු දෙක ගතවීලා දරුවෙකු ලැබිලා නැත ගෙයි කලඑලි වීලා
අයියෝ ඒගැන හිතලද කොහෙදෝ සයිමන් බීලා නුඹ විගහට පැනලා වෙදකම් කරපන් විමලා
උඹ හොඳට මිරිකලා……

උඹ තව අඬලා මොකටද පල නැත විමලා සයිමට වැදිලා කරපට් වෙන්නට වැදිලා
මොකටද බැනලා වැඩකට නැහැ නොවැ බැනලා ඔය දෙහි ටික හදලා විගහට පොවපන් විමලා
උඹ හොඳට මිරිකලා……

බොරුවට අඬලා කිමද හැපෙන්නෙ විමලා කලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලා
උඹ හොඳට මිරිකලා……
උඹෙ පෙම්බර සයිමා කට් වෙලා … සයිමා… විමලගෙ සයිමා කට් වෙලා…. සයිමා කට් වෙලා…

Ube Pembara Saima sayma saiyma saiema Cut Wela Lyrics – Gypsies, Sunil

More from Admin

Featured on

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks