ඉක්මන් නොවුනා නම් අපි

Lyrics

ඉක්මන් නොවුනා නම් අපි
අපි අපගෙයි තාමත් හිතවතී
ඉක්මන් නොවුනා නම් අපි
අපි අපගෙයි තාමත් හිතවතී
මේ වසන්තය නෑවිදින් සිටියා නම්
මේ තරම් දුක නෑ සඳවතී

මල් කැකුළු පුරවා අතු ඉතී
අපෙ මූණ බැලුවා මතකැතී
ඒ වසන්තය ඇවිදින් යලී
ඒ වසන්තය ඇවිදින් යලී
ඔබ කොහිද කියපන් හිතවතී
ඔබ කොහිද කියපන් හිතවතී

ඉක්මන් නොවුනා නම් අපි …

ගෙට එන්ට කල් බැලු සේ අපි
වෙන් වෙන්ට පෙර නොසිතූ සැටී
ඒ වසන්තය ආයෙම ඉතින්
ඒ වසන්තය ආයෙම ඉතින්
හිමි නැතිද අප වෙත හිතවතී
හිමි නැතිද අප වෙත හිතවතී

ඉක්මන් නොවුනා නම් අපි …

Ikman nowuna novuna nam api – Krishantha Erandaka

More from Admin

1 Comment

Your email address will not be published. Required fields are marked *

  1. මේක පොඩි කථාවක් විදිහට මෙහෙම කියන්නම්

    වසර පහකට පසුව ඔහු කලින් සේවය කල සේවා ස්ථානයට යනවා. වසර පහකට පෙර ලෙසම එම ස්ථානය ඇත. ගහ කොලද එසේමය. සමහරුන් විශ්‍රාම ගොස් ඇත. නවක මුහුණුද දකින්නට ඇත. මේ සියල්ල අතර වසර පහකට පෙරදී බලන්නට පෙරුම් පුරමින් සිටි මුහුණද විය. ඇය මදක් වයස් ගතව ඇත. නමුත් පෙර සේම සුන්දරය. මාද වයස්ගතව ඇත. එකල මෙන් නොව දැන් මා ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි. මගේ මතකය අතීතයට දිව යයි. එකට එක්වී සිනා සුණු, කතා බහ කල, අතිනත පටලා සක්මන් කල යුගය හීනයක් වාගේ මතකයට නැගෙයි. අපි පෙමින් වෙළී සිටියෙමු. නමුත් ඒ අපට එක්වන්නට ඉඩ නැති බව දන්නා අතරතුරදීමය. වසන්තය එකල අප වෙත විය. කුරුළු කිචි බිචිය කරච්චලයක් නොව ගීතයක්ම වූයේය. හැම පාටකම එළියක් අපි දැක්කෙමු. හෙට වන දේ නොසිතා අද පෙම් කළෙමු.

    හෙට වන දෙය ගැන සිතන්නට වන් කල්හි අප පෙම දෙදරා ගියේ ඇයි? අපට ඇති ප්‍රශ්න විසඳා ගත නොහැකි බවට ඉක්මන් තීරණ අප ගත්තේ ඇයි? සමහර විට ටිකක් ඉවසුවා නම් ඔබ මා පියන් කැමති කරවා ගැන්මට හැකියාව තිබිණි. දුර රටක සිටින ඔබ විවාහ කර ගැන්මට බලා පොරොත්තු වන පුද්ගලයා නො එන්නට ඉඩ තිබිණි. අපි ඉක්මන් වූයේ ඇයි? ඒ ඉක්මන නිසාම එදා අප දෙපසට වීමු. ඔබත් ඉක්මන් විය, මමත් ඉක්මන් වීමි. කාලය ගෙවී ගොස් ඇත. අද මා විවාහකය. ජීවිතයේ වසන්තය අග ගිම්හානයට පිවිස ඇත්තෙමි. නමුත් මේ බිම තුල වසන්තයේ සොඳුරු සුවඳ තවමත් මා හට දැනෙයි. එහි සොඳුරු පැහැය ඔබ දකින විට සිතට නැගෙයි. ඔබ ඇඟිලි තවමත් හිස්ය. ඔබ විවාහ ගිවිස ගත් කෙනා වසර පහකට පසුත් පැමිණ නැත. ඔබ දෑසේ ඇත්තේ එක පැණයකි. “අපි ඉක්මන් වූයේ මන්ද” යන්නයි. එනමුත් මේ වසන්තය අපට හිමි නැත. ඒ වසන්තය නැවත කිසිදාක නො එයි. මල පුරා ගත් අතු රිකිලි නැවත අප දෙස බලා හිනැහෙන්නේ නැත. ඔබෙත් මගේත් දිවි මග ඒ සොඳුරු මොහොතක අතිපිහිත විය. නමුත් දැන් අප අපෙන් තව තවත් ඈතට ගමන් කරමින් සිටින්නෙමු.නැවත අප හමු නොවීමටද ඉඩ ඇත. එනිසා හිතවතිය ඒ වසන්ත නෑවිදින් සිටියා නම් හොඳ යයි නොසිතන්නේද?

    geerasavinisa.blogspot.com

Enable Notifications OK No thanks