හඬන පොඩි පුතු

Lyrics

හඬන පොඩි පුතු නළව ගන්නට නිදන මට රහසින්
රැයේ තුන් යම නිදි වරා නුඹ නොවිඳිනා දුකකින්
කහට පොද ගෙන කුරුළු කූජන සමඟ ළඟ ඉඳිමින්
සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින්

ලිහා බත් මුල බුදින මොහොතක මිතුරු කැළ සමඟින්
වහා දස අත සුවඳ පිරුණා නුඹේ ගුණ සුවඳින්
කම්හලේ දැති රෝද නැඟු රළු පරළු හඬ අතරින්
නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්

අපට අපමය පිහිට පිළිසරණයද යන හැඟුමින්
සැපත දුක ළඟ සමව සැනසී නිබඳ ඉවසීමෙන්
මටම දා වුන පැටවුනට සහ මටද අම්මා වන්
සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිඳුන්
සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිඳුන්

මේ ගීතයේ විවරණයක් කියවන්න.

මෙතන ක්ලික් කරන්න – Click here

Handana hadana podi puthu nalawa gannata – Sunil Edirisingha

More from Admin

Featured on

Enable Notifications OK No thanks