Keheral kadagena

කෙහෙරැල් කඩාගෙන

Lyrics

කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ
කොහොමද ළඳුනි ඔය විදියට හැඩ බැලුවේ //

නිතරම පෙරෙන්නේ සරදම් කවට කතා
සියොළඟ දුවන්නේ පියකරු සුපෙම්වතා
වන වදුලක සැඟවුණ සිව්පාද සතා
සමග ඔබී ඔබෙ කරවට කිඳුරු පබා

කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ ...

තුරඟුන් නිදන ඉස්තාලය අතේ අරන්
අරියාදුවට දුන් සිනහව සින්න කරන්
කයිවාරුවට නවගුණ වැල තුරුළු කරන්
කිරිගරුඬෙන් බේසම ළඟ පතුල බලන්

කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ ... //

Keheral Kadagena - Senanayaka Weraliyadda

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *