Malathi Wasanthe

මාලතී වසන්තේ

Lyrics

මාලතී වසන්තේ
මාරුතේ සැලෙන්නේ
මේ පහන් රැයේ
ඈ කොහේ ගියේ
තාරකා අසන්නේ //

නෙතු දැහැනේ රැ‍ඳෙනා සිහිනේ
හද මැදුරේ බිඳෙනා සුසුමේ //
ප්‍රේම ප්‍රාර්ථනා නේක වේදනා
මා සොයා ඇදේවී
මා සොයා ඇදේවී

මාලතී වසන්තේ

මුතු හසරැල් සැලෙනා දෑසේ
පිණි කඳුලැල් පුරවා රහසේ //
මේ පහන් රැයේ මා නෙතින් මිදී
ඈ බලා හිදීවී
ඈ බලා හිදීවී

මාලතී වසන්තේ … //

Maalathee malathi wasanthe – Edward Jayakody එඩ්වඩ් ජයකොඩි

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks