Mage Sihine Mal Mal

මගෙ සිහිනේ මල් මල් මාලා | Mage Sihine Mal Mal Mala

Lyrics of Mage Sihine Mal Mal Mala

මගෙ සිහිනේ මල් මල් මාලා පළඳින්නේ රන් රැස් දහරා
හද කුටියේ දොරගුළු හැරගෙන එනු පාවී
නිදි දෑසේ සෙනෙහේ රඟදෙන මිහිරාවී
නෙත් මානේ නෑ නෑ මනමාලී

නොපුරන මාගෙ හීනේ සිතුවිලි ගාවා
මා ගිහින් එනකන් සිත ළඟ හිටියා
අමිල වූ ආදරේ මා දුටුවා
මා හා පෑ ඉඟි හද රුඳුණා

මගෙ සිහිනේ මල් මල් මාලා පළඳින්නේ රන් රැස් දහරා
හද කුටියේ දොරගුළු හැරගෙන එනු පාවී
නිදි දෑසේ සෙනෙහේ රඟදෙන මිහිරාවී
නෙත් මානේ නෑ නෑ මනමාලී

මුතු අහුරක් සේ හද පිරිමැද ආවා
තත්පරයක් සේ මගේ මතකයෙ මැකිලා
පිය මැන යන මග පියවර දුටුවා
මා හා පෑ ඉඟි සිත රිදුණා

මගෙ සිහිනේ මල් මල් මාලා පළඳින්නේ රන් රැස් දහරා
හද කුටියේ දොරගුළු හැරගෙන එනු පාවී
නිදි දෑසේ සෙනෙහේ රඟදෙන මිහිරාවී
නෙත් මානේ නෑ නෑ මනමාලී

Mage Sihine Mal Mal Mala – Romesh Sugathapala & Lakshan

More from raccoon