Lyrics
මලක් නැති ගසක් වී හුදෙකලා වූ නුඹට
එක ම එක මලක් වී සුවඳ දුන්නෙමි කලෙක
වසන්තය අලූත් මල් අතු පුරා ගෙනෙන විට
සිනාසෙනු මැන එදින මට නොවේ මගෙ හිතට
ගන අඳුරු රැයක් වී හැඬූ විට ජීවිතය
පැතුම් දී එළි කළෙමි පුංචි තරුවක් විලස
සිනාසෙන පුරා හඳ වඩින දා පෙර මඟට
සිනාසෙනු මැන එදින මට නොවේ මගෙ හිතට
සිතින් දුක දරාගමි එය කියන්නේ කෙලෙස
රුවන් මාලිගාවක පහන් දල්වනු කුමට
ඉඳ හිටක සොයද්දී යටගියාවේ මතක
සිනාසෙනු මැන එදින මට නොවේ මගෙ හිතට //
Sina senu mana edina mata nowe mage hithata – Niranjala Sarojini
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment