Malak Wage

මලක් වගේ පරිස්සමට

Lyrics

මලක් වගේ පරිස්සමට
නෙලාගන්න බැරි උනාට
හිතේ තියෙන ලෙන්ගතුකම
මැකී යන්නෙ නෑ
දෙනෙත් යටින් නිති බැලුවට
ආල බැලුම් මට හෙලුවට
බිඳක් තරම්වත් නුඹ නම්
ප්‍රේම කරල නෑ

හිත ඉකිලන රාත්‍රියක
නෙතකඩ එන කඳුළුවලට
හද හඬවන සෙනෙහස නම්
බිහි කරන්න බෑ
නුඹ තාමත් මගේ නොවෙයි
මට හිතෙන්නෙ නෑ
නුඹ තාමත් මගේ නොවෙයි
මට හිතෙන්නෙ නෑ

මලක් වගේ පරිස්සමට

නුඹ නැති දා මංමුලාව
මග වැරදුණු ජීවිතයට
මතු කවදා සතුට අරන්
හිරු නැගෙන්නෙ නෑ
නුඹ තාමත් මගේ නොවෙයි
මට හිතෙන්නෙ නෑ
නුඹ තාමත් මගේ නොවෙයි
මට හිතෙන්නෙ නෑ

මලක් වගේ පරිස්සමට
බිඳක් තරම්වත් නුඹ නම්
ප්‍රේම කරල නෑ //

Malak Wage vage Parissamata- Kingsley Peiris kingsli kingsly piris

More from aveterone

Enable Notifications OK No thanks