Man Mula Wee

මංමුළා වී

Lyrics

මංමුළා වී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුළා වු සමනලියකගෙනි
පාර අසා තිබුණේ //

ඇයත් නොදන්නිය ඇය යන මානය
උන් හිටි තැන් මතකයේ අඩමානය
ඇයත් නොදන්නිය ඇය යන මානය
උන් හිටි තැන් මතකයේ අඩමානය
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයට ද පාරක් ඇති නැති ගානය

මංමුළා වී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුළා වු සමනලියකගෙනි
පාර අසා තිබුණේ

අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයි දැයි නොකියමි
අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයි දැයි නොකියමි
අපේ ගමන අද නවතනු හැකි නම්
අප යන ගමනද අද මෙතැනින් නිමි

මංමුළා වී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුළා වු සමනලියකගෙනි
පාර අසා තිබුණේ

Man Mula Wee manmula vee wi vi we ve මංමුලා මං මුලා- Gunadasa Kapuge

More from raccoon

1 Comment

Your email address will not be published. Required fields are marked *

  1. මේ ගීතයේ දී අපට මුණ ගැසෙන්නේ ජීවිතයේ බොහෝ පරාජයන් ලද පුද්ගලයෙකි. ඔහු ජීවිතය තුළ දිග්විජය ලබන්නට උත්සාහ කරන්නේ ආදරය ඔස්සේ ය.

    එහෙත් මේ පෙම්වතාට ඇය ද අඳුරු අහසක් මැයි. ඔහුට සවියක් වනු තබා ඇයට ද සවියක් නොමැත. ඇගේ ජීවිතය ද මුල් ඉදිරී ගිය ගසකි. ඔහු මංමුළා වූ සමනලයකු නම් ඇය වචනයේ පරිසමාර්ථයෙන් ම මං මුළා වූ සමනලියකි. සමනලියක් යනු බරක් පතළක් නොදැක සැහැල්ලුවෙන් පාවෙන්නියකි. ඒ නිසාම ඇය මඳ සුළඟට වුවද ගසාගෙන යයි.

    සමාජයේ බොහෝ විට මුණ ගැසෙන්නේ එබඳු සමනලියන් ය. සමනලුන් ය. ඔවුන්ට පැමිණි මාවතක් හෝ යන මාවතක් නොමැත. එම නිසාම ඔවුනට සහජීවනයක් නොමැත.

    “ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන්හිටි තැන් මතකයෙ අඩමානය
    පාර කියන්නේ කෙළෙස ද මා හට
    ඇයට ද පාරක් ඇති නැති ගානය..”

    ප්‍රේරම සබඳතා කෙස් ගානට හට ගනී. අං ගානට ඉතිරි වෙයි. එකකු ගේ අසාර්ථක බව දරාගෙන ඉදිරි ගමනක් යාමට තරම් අනෙකා සාර්ථක මිනිසකු වන්නේ කලාතුරකිනි. ඒ නිසා ඔවුන්ට අවසානයේ උරුම වන්නේ වෙන්වීමයි.

    “අප හමුවූයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූයේ ඇයි දැයි නොකියමි
    අපේ ගමන අද නවතනු හැකිනම්
    අප යන ගමන ද අද මෙතනින් නිමි..”

    මේ ආකාරයෙන් නිමාවට පත්වන ප්‍රේමකතා සමාජයේ බහුල ය. මෙහි අවසානයට මා පෞද්ගලික ව අකමැති ය. මංමුළා වූවන්ට වුවද අවශ්‍ය නම් පාර සොයාගත හැකිය. එවැනි ධනාත්මක අදහසකින් ගීතය අවසන් වීනම් එයට මම වඩාත් ප්‍රිය කරමි.

    “යා යුතු මාවත සොයන්න හැකිනම්
    අප විඳි දුක් ගින්දර මෙතනින් නිමි..”

    ඒ මගේ පෞද්ගලික අදහසක් පමණයි. කෙසේ වෙතත් ආදරය ඉදිරියේ, අතරමං වන ඕනෑ ම පුද්ගලයකුට මේ ගීයෙන් අපූරු ශෝක රසයක් අත්විඳිය හැකිය.

    ගීතය කතාන්දරයක් නොවේ. එය හැඟීම් මාත්‍රයක් පමණි. ඒ තුළ විවිධාකාර වූ දුක් සුසුම් ගැබ් ව පවතී. මේ රචකයා එවැනි සියුම් ස්ථාන මනා ව ස්පර්ශ කරයි.

    මෙවැනි සියුම් සංවේදනා ගායනා කිරීමට කපුගේ සතුව පාළු ශෝකි හඬක් පැවතුණි. ඒ හඬ සීත කඳුවැටි තුරු වදුලු ගංගා සොහොන් පිටි පසුකර ගෙන පැමිණ හදවතේ ගැඹුරු තැනට කාවදී.

    ඔහුගේ පැරැණි ගායනා (සන්ෆ්ලවර් තැටිය නොවේ) නැවත සවන් දෙන විට මේ සංවේදනා උපරීමයෙන් අත්විඳිය හැකි ය.

    Edited source : masandumal.blogspot.com

Enable Notifications OK No thanks